කාර්මික
ඇදීම හැදින්වීම
කිසියම්
භාණ්ඩයක නිපදවීමට පෙර ඒ පිළිබද ව පැහැදිලි නිවැරදි සම්පුර්ණ අදහසක් ලබා දීම පිණිස
ජාත්‍යන්තර සම්ම්තට අනුව භාවිත කෙරෙන ඇදීම ක්‍රමයක් කාර්මික ඇදීම යනුවෙන් හැදින්වේ .
ශිෂ්ටාචාර වර්ධනයත් සමග කෘෂිකර්මාන්තයට පුරුදු
විය.ඒ සමග ම පොලව මැනීමේ අවශ්‍යතාව මතු විය.පොලව මැනීම යන අර්ථය ඇතිව ජ්‍යාමිතික හෙවත්
GEO-METRY බිහි වූ බව සැලකිය හැක .ජ්‍යාමිතිය ප්‍රථමයෙන්
භාවිත කරන ලද්දේ ග්‍රීක ජාතිකයන් විසින් බව සැලකේ .පසු කාලයේදී ජය්මිතික හැඩ තල
උපයෝගී කොට එයින් ලබා ගත හැකි නිර්මාණ මත තර්කානුකුල සිද්ධාන්ත ගොඩ නැගී ඇත.ක්‍රමක්
ක්‍රමයෙන් සංවර්ධනය වූ ජ්‍යාමිතිය අනෙකුත්
විෂය ක්ෂේත්‍ර දක්වා ව්‍යාප්තව තිබේ .
කාර්මික විප්ලවයේ ප්‍රතිපලයක්
ලෙස මිනිසාගේ අවශ්‍යතා සංකීර්ණ විය .ඒ අතරින් විවිධ භාණ්ඩ නිෂ්පාදනය අත්යවශ්යා
කරුණක් විය .මිනිසාගේ අවශ්‍යතාවන්ට සරිලන අයුරින් මේවා කෙසේ සැලසුම් කල යුතුද යන්න
භාණ්ඩ නිපදවන්නන්ට ගැටළුවක් විය.මීට හෙතුව භාණ්ඩයේ හැඩය ,මිනුම ඇතුලු අනෙක්
තොරතුරු සටහන් කිරීමට අවශ්‍ය වීමයි.මෙම තිරතුරු කටුසටහන් මගින් භාණ්ඩ නිපදවන්නාට
ඉදිරිපත් කිරීමට සිදු විය.මෙම ක්‍රියාවලි සදහා චිත්‍ර ශිල්පීන් කැදවීමට සිදු විය .මොවුන්
විසින් ඇදී කටු සටහන් නොහැකි විට එම ශිල්පීන් නැවත කදවිමටද සිදු විය .ඇති වන ගැටළු
විසදීමට නිෂ්පාදකයින්,වDර්තිකයන් හා කාර්මිකයන් එක්ව සම්මුතියක් කර ගන්න
ලදී .ගැටළු පිළිබද විමසා පොදු එකගතාවක් ඇති කර ගැනීමට සිදු විය .මෙහි ප්‍රතිඵලයක් වශයෙන්
කාර්මික ඇදීම නමති විෂය බිහි විය .
එංගලන්තයේ ඇති වූ මෙම සම්මුතියෙන් පසුව සෙසු
රටවලට ව්‍යාප්ත විය .මෙම සම්මුතිවල වෙනස්කම් මගහරවාගැනීමට රටවල් ගණනක් එක වී ජාත්‍යන්තර
ප්‍රමිති සංවිධානයක් (International
standard organization)ඇති කර ගනී.මෙමගින් කාර්මික ඇදීම පිළිබද සම්මත
නීතිරීති (Standard Rules
& Regulations)හා
සංකේත(Symbols) සම්පාදනය කිරීමත් ,සංසෝධනය පිලිබධවත් සියලුම
බලතල අයිතිවාසිකම් පවරා ගෙන ඇත .මෙම සම්මතයන් භාවිතා කරමින් අදින චිත්‍ර කාර්මික
චිත්‍ර දන්නා ඕනෑම අයකුට තේරුම් ගනිමට හැකියාව ඇත .එසේ ඇදීමේ හැකියාවද ඇත .එබැවින්
මෙම භාෂාව විශ්ව භාෂාවක් ලෙස සැලකේ.
මෙය බිහි වීම හේතුවෙන්
වචන රාශියක් වෙනුවට රූප සටහනක් උපයෝගීකර ගැනීම නිසා පහසුවෙන් භාණ්ඩ සාදන පුද්ගලයට එය සැදිය යුතු ආකාරය දන ගැනීමට
ඉඩ සැලසී ඇත.
උපකරණ හදුනා ගැනීම සහ අවශ්‍යතා
කාර්මික
චිත්‍රයක් සාර්ථක ලෙස නිම කර ගැනීම සදහා තත්වයෙන් උසස් උපකරණ සහ ඇදීම ද්‍රව්‍ය
අවශ්‍ය වේ.එම උපකරණ හා ඇදීම ද්‍රව්‍ය පහත දැක්වේ.
01.ඇදීම්
කඩදාසි (Drawing Paper)
02.පැන්සල්
(Pencils)
03.මකනය
(Eraser)
04.කෝදුව
(Ruler)
05.ව්හිත
චතුරස්‍ර යුගල (Set
Squares)
06.කොණමානය
(Protector)
07.කවකටුව
(Compass)
08.බෙදුම්
කටුව (Divider)
09.ඇදීම
පුවරු හා T රූල (Drawing Board & “T” Rular)
10.සවි
කිරීම් අධාර (Fixing Aids)
01.ඇදීම කඩදාසි
උසස් තත්වයෙන් යුතු කාර්මික චිත්‍ර ඇදීමේදී උපයෝගි
කර ගන්නා ඇදීම් කඩදාසිකට ගුණාංග කිහිපයක් තිබිය යුතුය.එනම්,
* සාමාන්‍ය
කඩදාසිකට වඩා රළු මතුපිටකින් යුත් වයනයක් තිබිම.
* වැඩි ඝනකමකින් යුක්ත වීම.
* සම්මත ප්රමාණයන්ට අනුකුල විම . වැනි කරුණුය.
ජාත්‍යන්තර
ප්රිමිති සංවිධානයා මගින් ඇදීම් කඩදාසි පහත දැක්වෙන පරිදි ප්‍රමාණ කර ඇත.
මෙම
වර්ගිකරණයේ A0 සිට A10 දක්වා ඇති
මුත් කාර්මික ඇදීම සදහා බාවිතා වනුයේ A0 සිට A4 දක්වා ප්‍රමාණවලින් යුක්ත ඇදීම් කඩදාසියා . A0 සිට A4 දක්වා ප්‍රමාණ වී ඇති අයුරු පහත රුපයේන් දැක්වේ.
02.පැන්සල්
පැන්සල කාර්මික ඇදීමේදී අත්‍යවශ්‍ය උපකරණයකි.මෙය
රවුම් ,පට්ටම් සහ ඕවල් යන හැඩවලින් යුක්ත වේ.මහපට ඇගිල්ල් සහ දබර ඇගිල්ල අතර
පැන්සල කරකැවීමට සැලැස්විය යුතුය.
රේඛාවක් ඇදීමේදී එම රේඛාවේ අවසානය දක්වා ඇගිලි
අතර පැන්සල කරකැවීම කල යුතුය .මක්නිසාද යත් පැන්සල් තුඩ එකකරිව ගෙවීම හා අදින ලද
රේකාව ඝනකම එකම ප්‍රමාණයකට තබා ගැනීම අවශ්‍ය නිසාවෙනි.අදින ලද රේඛාව එමගින් ඉතා
පැහැදිලි ලෙස මතු කර දක්වයි .මෙහි දී රවුම් හැඩයෙන් හා පට්ටම් හැඩයෙන් යුත්
පැන්සල් භාවිත කිරීම වඩා යෝග්‍ය වේ.
පැන්සල් භාවිතා කිරිමේදී ඇදීම සදහා
භාවිතා කරන රූලෙන් බැහැරව පවතින ලෙස හා ඇදීම දිශාවට ආනත වන පරිදි පැන්සල් තුඩ
පිහිටා තිබීම වැදගත් වේ.
පැන්සල් වර්ග ලෙස 5B,2B,B,HB,H,2H භාවිත වේ.මෙම අක්ෂර හා ඉලක්කම් දැක්වෙනුයේ
පැන්සල් භාවිතා කිරීමෙන් අදිනු ලබන රේඛාවේ පැහැය හා තද ගතිය පිළිබදවයි.මෙම පැන්සල්
වර්ගීකරණය පහතින් දැක්වේ.
H
යනු මිනිරමේ තද ගතිය (Hard) වේ. H අක්ෂරය හා සම්බන්ධ ඉලක්කමේ අගය වැඩි වන විට එහි
තද බව වැඩි වන බැවින් ඇදීමේ කඩදාසිය ඉරී යාමට ඇති ඉඩකඩ වැඩි වේ .
B
යනු මිනිරමේ මෘදු ගැතිය (Black) වේ .අක්ෂර හා සම්බන්ධ ඉලක්කමේ අගය වැඩි වීමත් සමග
ම අදින ලබන රේඛාවේ හා අක්ෂරයේ මිනිරම් කුඩුවල මෘදු ගතිය නිසා එම කුඩු ගෑවිමෙන්
කඩදාසිය අපිරිසිදු වේ.ඉහත සදහන් වර්ග අතරින් කාර්මික ඇදීම සදහා යෝග්‍ය වනුයේ 2B,HB
හා 2H යන පන්සල්ය.
මෙම පැන්සල් උල් කිරීමේදී අක්ෂර හෝ ඉලක්කම්
නොමැති පැත්ත තොර ගැනීම වැදගත් වේ.මක්නිසාද යත් උල් කිරීමෙන් පසුව ද පැන්සලේ
වර්ගීකරණය පැහැදිලිව දක්නට ලැබේ බැවිනි.
උසස් තත්වයෙන් යුත් කාර්මික
චිත්‍ර ඇදීම සදහා පැන්සල් තුඩෙහි ස්වභාවය වැදගත් වේ.මෙම පැන්සල් තුඩ උල් කිරීමෙන්
පසුව තිබිය යුතු මිනුම් පහත දැක්වේ.